Friday, February 27, 2026
Follow Us
15 වැනිදා පාසල් ඇරීමේ තීරණය මේ සතියේ

නියමිත පරිදි ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙම සතිය ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (07 වැනිදා) පැවසීය. දැනට නියමිත දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ද ලේකම්වරයා කීවේය.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම නියමිත දිනට වඩා කල් ගත වන බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

(Aruna)