Tuesday, April 28, 2026
Follow Us
කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් පත් කෙරේ

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.



කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

(Neth)