Tuesday, February 03, 2026
Follow Us
අ.පො.ස. උසස් පෙළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (24) සිට පෞද්ගලික අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රසියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇත.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැරණි සහ නව නිර්දේශ අනුව පැවැත්වෙන අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

උසස් පෙළ විභාගය අගෝස්තු පස් වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

(Aruna)