Tuesday, February 03, 2026
Follow Us
අගමැති රනිල් පාස්කු බෝම්බ කමිටුවට

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබාදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

එම කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස ඊට පැමිණ සාක්‍ෂි ලබාදීමට අගමැතිවරයා සූදානමින් සිටින බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සාක්‍ෂි ලබාදිය යුතු දිනය සම්බන්ධව ඉදිරියේදී දැනුම් දුන්හ. පසුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටි ආකාරයට පෙනී සිටිමින් අගමැතිවරයා සාක්‍ෂි ලබාදීමට සූදානම් බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)