Tuesday, February 03, 2026
Follow Us
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවෙයි

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල පටිපාටියේ සංශෝධන ගණනාවක් මෙවර සිදුකර තිබෙනවා. අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ද සැලකිල්ලට ගනිමිනුයි මෙම සංශෝධන සිදුකර ඇත්තේ.

මේ, සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ සඳහන් කළේ "එක වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍ර ලේඛනයේ සංශෝධන 21ක් ඇතුළත් යෝජනාවලිය පසුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් යෝජනා 18කට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබුණා. ". යනුවෙනි.

අදාල සංශෝධන සිදුවන ක්ෂේත‍්‍ර පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ මෙම නව සංශෝධන යටතේ බවයි මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණේ.

(Neth)