Monday, October 05, 2026
Follow Us
 6 ශ්‍රේණියට නව විෂයක්
විශේෂයෙන්ම, අපේ අනාගතය භාරගන්න ඉන්න පාසල් දරුවන් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරන බවත් ඒ නිසාම, නව විෂය මාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා "ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව" නමින් නව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසූවා ය.
 
 
ඒ වගේම අද දියත් කෙරෙන "Stock Market Game" සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා අවදියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය ගැන නිවැරදි අවබෝධයක් ලබාදෙන්න පුළුවන් වෙනවා.
 
කොළඹ කොටස් හුවමාරුවේ 40 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතරට මූල්‍ය දැනුම ගෙන යන්න දරන උත්සාහය රජයක් විදිහට අපි අගය කරනවා.
සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින්, රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කරලා දෙන්නත් අපි කැපවී සිටිනවා.
අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදිහට හිතන්න. අවස්ථා එනකම් බලා ඉන්නේ නැතුව, නව අවස්ථා සොයන්න, අවස්ථා නිර්මාණය කරන්න. විභාගයකට ලකුණු ගන්න විතරක් නෙමෙයි, ජීවිත කාලයටම උපකාරී වෙන නිවැරදි මූල්‍ය පරිශීලනයක් සමාජය තුළ ගොඩනඟන්න එකතු වෙන්න. යනුවෙන් පැවසීය.