Monday, August 03, 2026
Follow Us
දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදීත් පවති
දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්ක සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
 
මෙම කාලසීමාව තුළදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් සූදානමින් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
 
මෙම තත්ත්වය පිළිබඳ අද (03) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති නිවේදනය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වේ.