Monday, August 03, 2026
Follow Us
මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (03) 12.30 නිකුත් කර ඇති අතර එය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වේ.

‍ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. 

එහිදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.