පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම ට ද සැලසුම්...
නානුඔය දුම්රිය ස්ථානය නවීකරණ වැඩසටහන කඩිනම් කෙරේ. එය වරින් වර නවතා දමා තිබිණ. දුම්රිය ස්ථානය නවීකරණය නොකිරීම නිසා දෙස් විදෙස් සංචාරකයන් ට විවිධ ගැටලු මතු වෙයි.
ඒවා නිරාකරණය ට නව සංවර්ධන වැඩපිළිවෙළ භේතුවනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය එක්ව ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ද අපේක්ෂාවකි. සංචාරක කර්මාන්තය දියුණු කිරීම ට දුම්රිය ස්ථාන නවීකරණය සහ නවීන සේවයක් ලබාදීම වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඊට අමතරව නානුඔය - නුවරඑළිය දුම්රිය මාර්ගය හේතුවෙන් ජනතාවට වන බලපෑම ගැන ද සාකච්ඡා කෙරිණ. ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානය ආශ්රිත හඳුනා ගත් මූලික අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කෙරෙන අතර ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් යටතේ එය සිදු කෙරේ.