ක්‍රීඩාවට අදාළ ගැසට් පත්‍රයකට තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ඊයේ (13) හිමිවී ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේ පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් අනතුරුව මේ පිළිබඳව අදහස් දක්වන ලදී.
ලෝක තහනම් උත්තේජක ද්‍රව්‍ය ආයතනයෙන් සෑම වසරකම තහනම් උත්තේජක ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය එළිදක්වන බවද, එහි ඇති සමහර ද්‍රව්‍ය අලුතෙන් එකතු කරන බවද පැවසූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා එම සංවිධානය එකතු කරන ද්‍රව්‍ය වලට අනුරූපීව අප රටේද තහනම් උත්තේජක ප්‍රතිපත්තිය වෙනස් කරගන්නා බවද පැවසුවේය.
මෙය සෑම වසරකම මෙය සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා මෙම වසරේද එය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ලෝක තහනම් උත්තේජක ආයතනය අලුතෙන් එකතු කළ ද්‍රව්‍ය එකතු කිරීමේ ගැසට් පත්‍රෙයහි නියෝග සලකා බැලීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවද වැඩිදුරටත් පැවසුවේය.
මෙම ගැසට් පත්‍රය පිළිබඳ ව එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවද සඳහන් කළේය.