Wednesday, May 08, 2024
Follow Us
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම් අත්හිටුවීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව යන මහ නගර සභා බල ප්‍රදේශ සහ ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.