ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් යළිත් කොවිඩ් අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 05 ක යළිත් කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ වනවිට වෙළදපොලේ එළවළු මිල ගණන් ඉහළ අගයක් ගෙන තිබෙනවා. ජනතාව අතර සුලභ එළවළු වර්ගවල ග්‍රෑම් 250 ක පවා මිල රුපියල් 60 සීමාව පවා ඉක්මවා ගොස් ඇති බවයි වෙළදපොලේ කළ සංචාරයකදී නෙත් නිවුස් කණ්ඩායමයට දැකගත හැකි වුණේ.
ශ්රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ඊයේ (19) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 745ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ වූ ගොඩනැගිල්ලක පිහිටි ආපන ශාලාවක් තුල අද උදෑසන පිපිරීමක් සිදුව තිබෙනවා.
The National Authority on Tobacco and Alcohol (NATA) urged the complete ban on pocket size quarter liquor bottles, saying a growing public opinion points out the item is causing major health and environmental hazards.
මත්ද්‍රව්‍යවට ඇබ්බැහිවූවන් පොලිස් අත්අඩංගුවෙන් පසු බන්ධනාගාරගත නොකර ඍජුවම පුනරුත්ථාපනයට යොමු කිරීමට අදාළ නව නීති ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව තිබෙනවා.
මහවිරු සතිය තුළ මහ විරු සැමරුම් සිදුකිරීම වළක්වන ලෙසට වවුනියාව මූලස්ථාන පොලිසිය පුද්ගලයින් අට දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝග ලබාගෙන තිබෙනවා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, එස්. ශිවමෝහන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සදහායි.
සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවට තොරතුරු රැසක් ලැබී ඇතැයි මහජන පරීක්ෂකවරුන් පවසනවා.
Page 334 of 749