Thursday, March 05, 2026
Follow Us
දෙහිවල කැළඹූ කිඹුලා මුහුදෙන් ඉවත් කිරීම ඇරඹේ

දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ඉවත් කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ මෙලෙස මුහුදු ප්‍රදේශයට කිඹුලෙකු පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බවයි.

දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිට ඇත්තේ ගැටකිඹුලා යන විශේෂයට අයත් කිඹුලෙක්.

මෙම කිඹුල් විශේෂය කරදියට අනුවර්ථනයවීමේ හැකියාවෙන් යුක්තයි. ලොව සිටින විශාලතම උරග විශේෂයටයි, එම ගැටකිඹුල් විශේෂය අයත් වන්නේ.

දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකුට ඊයේ දිවි අහිමි වුණා. මෙලෙස මිය ගොස් තිබුනේ විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙක්.

(Neth)