ඕස්ට්රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මහියංගණ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්ය සඳහා විවිධ ප්රදේශ වලින් අලි ඇතුන් සහභාගි වන බැවින්, ප්රදේශයේ වල් අලින් බහුල වශයෙන් සැරිසැරීම හේතුවෙන් වල්අලි පලවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපිත කරන ලෙස මහියංගණ විහාරාධිපති හිමියන් විසින් වනජිවි දෙපාර්තමේන්තුවන් ඉල්ලීමක් කර ඇත.
නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මිලාදුන් නබි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉල්ලා සිටි.
දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් දුම්රිය ප්රමාදයක් ඇති විය හැකි බව වාර්තා වෙයි.
ජාත්යන්තර ළමා දිනය හෙටට(01) යෙදී ඇත. එම දිනය සැමරුම් උත්සව විවිධ රටවල උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්ය අංශ පවසයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් මධ්යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්රියාත්මක වීමට නියමිතය.
රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබන බවට සමාජ මාධ්ය හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පැතිර යන ප්රචාර සත්යයෙන් තොර බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්ය ජී. විජේසූරිය මහතා සදහන් කරයි.
සියලුම ක්ෂේත්රවල රැකියා කරන ශ්රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්රමවේදයක් සකස් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය කටයුතු කරමින් සිටී.
ලෝක අමද්යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ක්රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්රලත් ස්ථාන අද (03) දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්රේලියානු අධිකරණය තීන්දු කර තිබේ.
පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව පසුගියදා අලව්ව නගරයේ සතිපොළ ඉදිරිපිට දී විවෘත කෙරුණි.
ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්රව්ය කිලෝග්රෑම් 35ක් අද (03) මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්රව්ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Page 137 of 769