2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ.
මූල්ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් කොළඹ මහාධිකරණය හමුවේ වරද අද පිළිගත්තේය.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබේ.
Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධාන කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාලබේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම අද (19) ආරම්භ වන බැවින් එම අභිජනන මධ්‍යස්ථාන භූමිය මහජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වැලිකන්ද සහ පූනානි දුම්රිය ස්ථාන අතර සැ. 178 දම්. 72 ¼ දරන ස්ථානයේ පිහිටි නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 ජූලි 29 හා 30 වැනි දිනවල අලුත්වැඩියා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිතිවිරෝධි අයුරින් විදේශ රැකියා ජාවාරම්වල නිරතවූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක් ඇති බව ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුළ සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැහෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ නාවික කාර්යාලය දැනට මහජනතාවට සපයන සේවාවන් දින කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කරයි
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ක්‍රිඩාව පෞරුෂය වර්ධනය කරගැනීමටත්, ජීවිතයේ වටිනා පාඩම් ඉගෙන ගැනීමටත් මෙන්ම එමගින් ජාතික අභිමානය පෝෂණය කිරීමත් සිදුකරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
Page 127 of 749