පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සදහා සහභාගි වී තිබෙනවා. එම පීඨයේ ආචාර්යවරුන් පසුගිය 13 වනදා සිට රාජකාරිවලින් ඉවත් වුණේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ ප්‍රත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් නොලැබුණහොත් තවදුරටත් දේශන කටයුතු වලින් ඉවත්වීමට සිදුවන බව එම විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ මෙරට වායු දූෂණ තත්ත්වය පවතින කාලගුණික තත්ත්වය අනුව වරින් වර වෙනස්විය හැකි බවයි.
මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති.
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබේ.
බිත්තරයක් රුපියල් 50 ක මිලකට ගොවිපළෙන් අලෙවි කිරීමට තමන් තීරණය කළ බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිරකර සිදුකල ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ඊයේ පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ ප්‍රශ්නයක් පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් පවසන බවට ඔවුන්ගේ මව්පියන් චෝදනා කළා.
රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති.
බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Page 124 of 718