දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
හන්තාන වතුයායේ ඉඩම් කට්ටි කිරීමේ වැඩසටහන අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ නාවික කාර්යාලය දැනට මහජනතාවට සපයන සේවාවන් දින කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කරයි
බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන අද (25) පැවසීය.
එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලුයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත්, ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් ඇති බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය ඊයේ (26) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ.
අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබේ.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබේ.
Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධාන කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාලබේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) සවස අත් අඩංගුවට ගෙන ඇත.
වැලිකන්ද සහ පූනානි දුම්රිය ස්ථාන අතර සැ. 178 දම්. 72 ¼ දරන ස්ථානයේ පිහිටි නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 ජූලි 29 හා 30 වැනි දිනවල අලුත්වැඩියා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක් ඇති බව ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
Page 95 of 718