Wednesday, January 07, 2026
Follow Us
මුස්ලිම්වරු කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය.

අමීන් මහතා මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

මුස්ලිම්වරුන්ගේ නාමයෙන් මුස්ලිම්වරු කළ මෙම අපාරාධය හේතුවෙන් සමස්ත මුස්ලිම් ජනතාව වේදනාවට පත්ව සිටින බවයි අමීන් මහතා කියා සිටියේ.

මේ අතර මුස්ලිම් නිවෙස් වල කඩු තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමීන් මහතා පැවසුවේ කඩු ළඟ තබාගන්නේ ගැහැණු දරුවන්ගේ සහ සෙසු අයගේ ආරක්ෂාවට බවයි.

(Lanka Leads))