Tuesday, May 07, 2024
Follow Us
සුදු වෑන් සිද්ධියට සම්බන්ධ වඩිග පටුන නටපු දෙන්නා මෙහෙයවු පිරිස හෙළි කරනවා – ආරක්ෂක ලේකම්

සුදු වෑන්වලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමු පැවත් වු පුද්ගලයින් මෙහෙයවු පිරිස් හා ඔවුන්ට මුදල් ලබාදුන් අය සම්බන්ධයෙන් නුදුරේදිම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

(14) පන්නිපිටියේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ස්විට්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්දයෙන්ද අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ එයට වත්මන් රජය අපහාසුතාවයට පත් කිරීමට කළ ක්‍රියාවක් බවයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

” ජනාධිපතිතුමාට කොපමණ අපහාස කළාද කියලා දන්නවා, අවසාන අවස්ථාවේ හිටපු ඇමතිවරයෙක් රැවුල්කාරයෝ දෙන්නෙක් එක්ක මාධ්‍ය හමුවක් තිබ්බා.

ලොකු විස්තරයක් කළා, සුදු වෑන්වලින් ගෙනිහිල්ලා කිඹුලන්ට කන්න දැම්මා කිව්වා.

අපි ඒ ගැන හොයන්න පරීක්ෂණයක් පටන් ගත්තා, එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.

ඉදිරියෙදී වඩිග පටුන නටපු දෙන්නා දකින්න ලැබෙයි. ඒ අයව මෙහෙයවු , දීපු මුදල් ප්‍රමාණය හෙළ වෙයි.‘‘

(Lanka Leads)