Tuesday, February 10, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය වසන් කරන්න පොලීසිය ගෙතූ බොරුවක් හෙළිවේ…. කොටහේන පොලිස් පොතේ පිටු අලුතින් අලවලා

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වලට එම සිද්ධිය ගැන අනතුරු ඇඟවීමක් සිදුකළ බවට පොලීසියේ ඉහළ නිලධාරීන් කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළිවී තිබේ.

මේ ආකාරයේ පෙර දැනුම්දීමක් සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරුන් ට ප්‍රකාශ කරන ලෙසට පොලීසියේ ඉහළ නිලධාරීන් බලපෑම් සිදු කළ බවත් කොටහේන පොලිසිය පොලිස් පොතට ද එම පණිවිඩය දැනුම් දුන් බවට පාස්කු ප්‍රහාරයෙන් පසුව අලුතින් පිටු අලවා තිබෙන බවද ජනාධිපති කොමිසමේ දී හෙළිවී තිබේ.

(Lanka Leads)