Tuesday, February 10, 2026
Follow Us
මෙරට ස්‌විස්‌ තානාපති පක්‍ෂග්‍රාහී පුද්ගලයෙක්‌….. මෛත්‍රී මහින්ද අගමැති කිරීමේදී ඔහු ඊට එරෙහි වෙලා

මෙරට ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක්‌ බව රජය සොයාගෙන ඇත.

එම අර්බුදයට ඔහු සෘජුව මැදිහත් වුණා යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම නිවැරදි ක්‍රියාවක්‌ නොවන බවට ස්‌විස්‌ තානාපති ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළේය.

මේ නිසා තානාපති නිලධාරිනියගේ සිද්ධියේ පසුබිම හෙළි වී තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පළ කළහ.

මේ නිසා ස්‌විස්‌ තානාපතිවරයා එක්‌ දේශපාලන පක්‍ෂයකට පමණක්‌ පක්‍ෂග්‍රාහීව ක්‍රියාකර ඇත.

ඔහුගේ මේ ක්‍රියාදාමය වියානා ගිවිසුම උල්ලංඝනය කිරීමක්‌ බව ආරංචි මාර්ග පළ කළේය.

දිවයින