Tuesday, May 13, 2025
Follow Us
කෝප් කමිටුව ශක්තිමත් කළ යුතුයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව කොළඹ ඊයේ පැවති විද්වත් කථිකාවකදී අවධාරණය කෙරුණා.

මෙම විද්වත් කතිකාවට සහභාගී වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පැවසුවේ කෝප් කමිටුවේ විමර්ෂණ සිදුවන අවස්ථාවේදීම, හෙලිවන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමටද කෝප් කමිටුවට බලය ලබා දිය යුතු බවයි.

රාජ්‍ය ව්‍යාපාරවල වංචා සහ දූෂණ අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබ ඇති තීරණ කිහිපයක් පිළිබඳවද මෙහිදී අදහස් පල කෙරුණා. සුනිල් හදුන්නෙත්ති මන්තීී‍්‍රවරයා පැවසුවේ එම තීරණ තමන්ද අගය කරන බවයි.

යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වු තරුණ පෙල ගැස්ම විසින් මෙම විද්වත් කථිකාව කැදවා තිබුණා.

(Neth)