Tuesday, May 07, 2024
Follow Us
ආන්දෝලනාත්මක 19 ව්‍යවස්ථාවෙන් තවත් අවුලක්

පාළන ක‍්‍රමයෙහි ව්‍යාකූලතා රැසක් ඇති කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් මහජනතාවගේ ඡන්ද අයිතියද කූට ලෙස සීමා කර ඇතැයි විද්වතුන් පවසනවා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් නීතීඥ කි‍්‍රෂාන්ත නිශ්ශංක පැවසුවේ ඇතිවූ මෙම ව්‍යාකූලතා සමනය කිරීම සඳහා ප‍්‍රශ්ණගත 19වන සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වහා ඉවත් කළ යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය සමන්ත ආනන්දද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ඔහු පැවසුවේ 19වන සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම වත්මන් පාර්ලිමේන්තුව යටතේම සිදු කරවා ගත යුතු බවයි.

මේ අතර සිදු කෙරෙන අලූත් ව්‍යවස්ථා සංශෝධනයකදී ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් තෝරා ගැනීමේ බලයද මහජනතාවට ලබා ගත යුතු බව සියම් මහ නිකායේ රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.

නුසුදුසු තැනැත්තන් බලයට පත්වීම එමගින් අවම කර ගත හැකි බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

බෞද්ධ ආරක්ෂණ සභාව විසින් ඊයේ සංවිධාන කර තිබූ විද්වත් කතිකාවකදී මෙම අදහස් පල කෙරුණා. විද්වත් කතිකාව පැවැත්වුනේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

(Neth)