Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 71. ගිය වසරට වඩා ස්ථාන 5ක් ඉදිරියට !

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 76 වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට යමින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

උපතේ දී ආයු අපේක්ෂාව, අපේක්ෂිත අධ්‍යාපන මට්ටම, ඒක පුද්ගල ආදායම ඇතුළු දර්ශක කිහිපයක් මත පදනම්ව මෙම වර්ගීකරණය සිදු කෙරෙන අතර රටවල් 189ක් අතරින් මෙම සංගණනය සිදු කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ පළමු ස්ථානය උසුළන්නේ නෝර්වේ රාජ්‍යය විසින් වන අතර දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය අයර්ලන්තයටත් හිමිව ඇත.

(LNW)