Tuesday, May 13, 2025
Follow Us
ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 6ක ප්‍රකාශයක්

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් ඊයේ දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.

ඊයේ පස්වරු 4.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සේවිකාව රාත්‍රී 10.00ට පමණ එයින් පිටත්ව ගියේය.

ඒ අනුව සමස්තයක් ලෙස ඇයගෙන් පැය 15කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර තිබේ.

මේ අතර අද දිනයේදීත් යළිත් ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙයි.

(Lanka Leads)