Tuesday, February 10, 2026
Follow Us
ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 200ක වැසි

උතුර පළාතේ ඇතැම් ප්‍රදේශවලට අද මිලිමීටර් 200ක පමණ ඉතා තද වැසි අපේක්ෂා කෙරෙනවා. ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි අපේක්ෂිතයි. සබරගමුව දකුණ සහ බස්නාහිර යන පළාත්වලට මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කෙරෙණවා.

රට හරහා වරින්වර තද සුළංද ඇති විය හැකි බවයි කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව යන පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේත් සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50ක් පමණ දක්වාද වැඩි විය හැකියි. ප්‍රබල අකුණුද ඇති විය හැකි බව සිහිපත් කෙරුණා.

(Neth)