Tuesday, February 10, 2026
Follow Us
විල්පත්තු පෙත්සමට දින නියම කරයි

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම ජනවාරි මස 23 වැනිදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළේය.

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරන ලදි.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබේ.

(Lanka leads)