Thursday, October 08, 2026
Follow Us
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2019 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩිවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකියි.

නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්‍ෂේත්‍ර යටතේ ඔන් ලයින් ක්‍රමයටයි විභාගය පැවැත්වුණේ. අයදුම්කරුවන් 3,319 දෙනෙකු ඊට ඉදිරිපත්ව සිටියා. ඒ අතරින් අයදුම්කරුවන් 2,411 දෙනෙකු විභාගය සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

(Neth)