Wednesday, January 07, 2026
Follow Us
වැඩ අවසන් නොවූ ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර
2014 වර්ෂයේ වැඩ ආරම්භ කළ තවමත් වැඩ අවසන් නොවූ ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර අමාත්යවරයා පසුගියදා එහි නිරීක්ෂණයට එක් විය.
එහි නිවාස ඒකක 115 කින් සමන්විත වෙන මෙම ව්යාපෘතිය වෙනුවෙන් බිලියන 1.2 ක මුදල් ප්රතිපාදන වෙන් කර තිබෙන අතර එහි ඉදිකිරීම් යළි ආරම්භ කර තිබේ.