උදාවූ නව වසරේ අලුත් සහලින් ශ්රී දන්ත ධාතූන් වහන්සේ පුදන අලුත් සහල් මංගල්ය අද (03) ශ්රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
සෑම වර්ෂයකදීම දුරුතු පුර පසලොස්වක පෝය දිනයේදී අලුත් සහල් මංගල්ය පැවැත්වෙන අතර කෙත් වතුවලින් නෙළා ගත් වී අස්වැන්නේ අග්රඵලයෙන් සකස් කර දානය දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීමයි මෙහිදි සිදුවන්නේ.
දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේවාව භාරව කටයුතු කරන පූජ්ය තිබ්බටුවාවේ ශ්රී මේධංකර හිමි, දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.