Friday, January 02, 2026
Follow Us
පුනරුදයට මඟ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අකුරණදී ඇරඹේ

ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී ඊයේ (01)) ආරම්භ කෙරිණි.

අකුරණ සිට දෙල්ගස්තැන්න දක්වා වූ මාර්ගයේ කිලෝමීටර් 1.7ක කොටසක් සංවර්ධනය කිරීම මේ යටතේ ආරම්භ වූ අතර එම මාර්ගය සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 66කි.

පුනරුදයට මඟ වැඩසටහන යටතේ රුපියල් මිලියන 24 000ක මුදලක් මෙම වර්ෂයේදී වෙන් කොට ඇති බවත් ඒ යටතේ අද දින මාර්ග 76ක සංවර්ධන කටයුතු ආරම්භ කළ බව එම ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී පැවසුවේය. එම මාර්ග සඳහා පමණක් රුපියල් මිලියන 5100ක මුදලක් වෙන් කොට ලබාදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.