Saturday, March 07, 2026
Follow Us
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරවය දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.


දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න 'රෙස්පෙක්ට්' මල් ශාලාව වෙත අද (30) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෝදර කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.


වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහතවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.