Monday, December 29, 2025
Follow Us
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් මෙරට සෞඛ්‍ය සේවාවට
අනාගත ඉලක්ක සහගතව ශක්තිමත් ප්රාථමික සෞඛ්ය සේවාවක් මෙරට ස්ථාපිත කිරීමේ කාර්යයේ දී මෙන්ම රට යළි ගොඩනැගීමේ කාර්යයේදීත් දන්ත ශල්ය වෛද්යවරුන් ප්රමුඛ කොටස්කරුවන් වන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

 

අමාත්යවරයා මෙම කරුණු අවධාරණය කර සිටියේ දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් 62ක් රාජ්ය සේවයට බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය.
පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (29) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ප්රධාන ශ්රවණාගාරයේ දී සිදුකෙරිණි.
 
මෙම දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්යාලය වල වෛද්ය පීඨයන්හි වසර පහක උපාධි අධ්යාපනය හැදෑරුවන් වන අතර එම අධ්යයන කටයුතුවලින් පසු දිවයින පුරා පිහිටි රජයේ ප්රධාන රෝහල් වල විශේෂඥ වෛද්යවරුන්, පලපුරුදු ජ්යෙෂ්ඨ වෛද්යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් ද හදාරා ඇත.
 
2026.01.01 දින සිට ක්රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දුන් අතර උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්ය ආයතනවල සේවය සදහා මෙම දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගෙන ඇත.
 
ලෝක බැංකුව මගින් සිදුකරන ලද තක්සේරු වාර්ථාවට අනුව දිට්වා සුලි කුණාටුවෙන් ඩොලර් බිලියන 4.1 ක හානියක් මෙරට ආරථිකයට සිදුව ඇති බව මෙහි දී සඳහන්කළ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා රට යළි ගොඩ නැගීමේ අභියෝගය අප සැමට තිබෙන බවත්, ගොඩනැගීම යනු හානියට පත්වූ දෙයක් අලුත් වැඩියා කිරීම ම පමණක් නොවන බවත්, එම කාර්යය අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට යන එකක් බවද පැවසීය.
ගණනය කර තිබෙන ආකාරයට මෙරට සෞඛ්ය පද්ධතියටත් රුපියල් බිලියන 21 ක අලාභයක් සිදුව ඇති බවත්, රෝහල් ඇතුළු සෞඛ්ය ආයතන 8ක් ප්රතිස්ථාපනය කිරීමට සිදුව ඇති බවත් පැවසීය. හලාවත දිස්ත්රික් මහ රෝහල, මහියංගනය මුලික රෝහල වැනි තවත් රෝහල් සහ ආයතන ගණනාවකට සැලකියයුතු මට්ටමේ උපකරණ ප්රමාණයක් ලබා දියයුතු බවත් අමාත්යවරයා මෙහි දී සඳහන්කර සිටියේය.
එමෙන්ම දෙනියාය රෝහල සම්පූර්ණයෙන්ම ප්රතිස්ථාපනය කළයුතු රෝහලක්වන බවත්, පුත්තලම රෝහල සංවර්ධනය කළ යුතු අතරම, දඹුල්ල මූලික රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බවත් පැවසීය.
කාර්ය මණ්ඩලය බදවා නොගැනීම සේම, පසුගිය වසර දහය දොළහ කාලය තුළ දී රෝහල් සේවාවට අත්යවශ්ය ඉදිකිරීම් ප්රමාණයක් ආරම්භකර අතරමග නවතා දමා තිබෙන බව සිහිපත් කළ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා එම කටයුතු මේවන විට ආරම්භ කර ඇති බවත් පැවසීය. රුපියල් බිලියන 58ක වියදමින් එවැනි ව්යාපෘති 17ක ඉදිකිරීම් නිමකිරීමට කැබිනට් මණඩලයේ අනුමැතිය ලබා ගෙන ඇති බවත් එමෙන්ම තවත් ව්යාපෘති 08ක් සදහා ද ගෙවීගිය සතියේ කැබිනට් අනුමැතිය ලබා ගත් බව ද අමාත්යවරයා මෙහි දී සිහිපත් කර සිටියේය.
 
මේ වන විට රාජ්ය සේවාවේ දළ වශයෙන් දන්ත ශල්ය වෛද්යවරුන් 1400 ක් පමණ සේවයේ නිරතවන බවත්, පෞද්ගලික සේවාවේ 1100 ක් පමණ සේවය කරන බවත්, මේ අනූව 2500 ක පමණ දන්ත ශල්ය වෛද්ය නිලධාරීන් පිරිසක් සේවාවේ නිරතවන බවත්, ජනගහනයෙන් නවදහසකට,දසදහසකට එක් වෛද්යවරයෙක් සිටින බවත් අමාත්යවරයා මෙහි දි සිහිපත් කළ අතර එය කිසිසේත්ම ප්රමාණවත් නොවන බවත්, ක්රමාණුකූලව එය සම්පූර්ණ කර ගතයුතු බවත් අමාත්යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
 
වර්තමානයේ දේශීයව සහ විදේශීයව වාර්ෂිකව දන්ත ශල්ය වෛද්යවරුන් සියයක් පමණ මෙරටට බිහිවන බවත්, ඉදිරියේ දී එය එකසිය විසිපහ,එකසිය තිහ දක්වා වර්ධනය වේවි යැයි ද අනුමානය කරන බව ද රජයේ බදු මුදල් වැය කරන්නේ ඒ සදහා බව ද අමාත්යවරයා මෙහි දී සඳහන්කර සිටියේය.
මෙම අවස්ථාව සදහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්ය ආනන්ද ජයලාල්, විශේෂඥ වෛද්ය චන්දන ගජනායක, විශේෂඥ වෛද්ය සමිද්ධි සමරකෝන් යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.