දිට්වා සුලි කුණාටුවෙන් පසු නුවරඑළිය යථා තත්වයට පත් කර ඇති බවත්, ඒ අනුව එළඹෙන නව වසරේ සංචාරයන් සඳහා නුවරඑළියට පැමිණෙන ලෙස නුවරඑළිය මහ නගර සාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා දෙස් - විදෙස් සංචාරකයන්ට ආරාධනා කරයි.
මේ වන විට නුවරඑළියට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින අතර එමෙන්ම පැමිණෙන දේශීය සංචාරකයන්ට විනෝද වීමට නගර සභාව මගින් වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
මේ දිනවල නුවරඑළියේ කාලගුණයේ සාමාන්ය තත්වයක් පවතින අතර නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ල මේ වන විට යථා තත්වයට පත් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.