ඇල්ල වෙළඳ සංගමය හා ත්රී රෝද රථ සංගමය එක්ව ඊයේ (25) නත්තල් දිනයේදී සංචාරකයින්ට අලුත් අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබුණා.
ත්රී රෝද රථ අලංකාර ලෙස සරසාගෙන, විදේශීය සංචාරකයින් ඒ තුළ නංවාගෙන රාවණා ඇල්ල දියලුම ඇල්ල සහ හපුතලේ, බණ්ඩාරවෙල සංචාරක ස්ථාන නැරඹීමට නොමිලයේ ප්රවාහනය කිරීමද විශේෂත්වයක් වුණා. ඔවුන් විසින් සංචාරකයින් සඳහා නොමිලයේ ආහාරපානද ලබාදීමට කටයුතු කර තිබුණා.