Friday, December 26, 2025
Follow Us
One Million Volunteers වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන හෙට සහ අනිද්දා

One Million Volunteers වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේදී  හෙට (27) සහ අනිද්දා (28) ස්වේච්ඡා තරුණ තරුණියන් 1000කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතයි.

ජාතික තරුණ සේවා සභාව සිදුකරන One Million Volunteers වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (26) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී තරුණ සේවා සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම දින දෙක තුළ දී ආපදාවට ලක්ව ඇති පාසල් අලුත්වැඩියා කිරීම, වාරි පද්ධති හා මාර්ග පිරිසිදු කිරීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට රස වින්දන වැඩසටහන් සිදු කිරීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට හා දරුවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදු කිරීමට නියමිතයි.

 හලාවත ප්‍රදේශයේ ශ්‍රම මෙහෙයුමක් සිදු කරමින් පසුගියදා ආරම්භ කළ One Million Volunteers වැඩසටහනේ දෙවන වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ දී සිදු කිරීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම One Million Volunteers වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව volunteer.nysc.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.