Friday, December 26, 2025
Follow Us
දහස් සංඛ්‍යාත ජීවිත බිලි ගත් සුනාමි ව්‍යසනයට අදට වසර 21 ක්.
2004 වර්ෂයේ සුනාමි ව්යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරනු ලබයි.
 
ඒ අනුව, එහි ප්රධාන සැමරුම් උත්සවය පෙරවරුවේ ගාල්ල ''පැරෑලිය සුනාමි ස්මාරකය'' අභියසදී  ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙන අද දිනයේදී පැවැත්වේ.
 
සුනාමි ව්යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.