ආපදාවට පත් ජනතාව ට සහන ලබාදීම ඇතුළු කටයුතු සිදු කරන කොත්මලේ නැගෙනහිර ප්රාදේශීය කාර්යාලයේ ස්ථාපිත ආපදා මෙහෙයුම් මැදිරියේ කටයුතු නිරීක්ෂණය සඳහා ප්රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පසුගිය දා එක්විණි.
කොත්මලේ නැගෙනහිර ප්රාදේශීය ලේකම් නදිර ලක්මාල් මහතා මෙහිදී කොට්ඨාසයේ ආපදාවට පත් ජනතාව ට සහන සැලසීමේ කටයුතු පිළිබඳව සහ ජන ජීවිතය නගාසිටවීමේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව අමාත්යවරයා දැනුවත් කර තිබේ.
කොත්මලේ නැගෙනහිර කොට්ඨාසයේ අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසීමට හා හානියට පත් මාර්ග පද්ධතිය ප්රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම ද මෙහිදී සිදු විය.