Saturday, March 07, 2026
Follow Us
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගයක් යථාතත්ත්වයට
හැටන් නෝර්ටන්බ්රිජ් ප්රධාන මාර්ගයේ කාසල්රි ප්රදේශයේ මාර්ගය හරහා ඉදිකර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන සේ යළි යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.

දිට්වා සුළි කුණාටුවත් සමඟ එම පාලම ඉකුත් (29) දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එදින සිට (12) දින උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.

 
ශ්රී ලාංකා යුධ හමුදාවේ පල්ලේකැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් සිවි කෙරිණි.