Wednesday, June 17, 2026
Follow Us
ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය පූර්ණ අලුත්වැඩියාවක්
ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට නැවත භාර දීමට ඊයේ (10) කටයුතු කෙරිණි.
එහි පාලක මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත කරන ලද ඉල්ලීමකට අනුව ශ්රී ලංකා නාවික හමුදාවේ ශ්රම දායකත්වය සහ තාක්ෂණික සහාය ඇතිව බාලිකා නිවාසයේ නේවාසිකාගාර, මුළුතැන්ගෙය ඇතුළු ස්ථානවල තීන්ත ආලේප කිරීම සහ අක්රිය වී ඇති විදුලි පංකා ඇතුළු උපකරණ අලුත්වැඩියා කිරීම මේ යටතේ සිදු කර තිබේ.