Thursday, December 11, 2025
Follow Us
ව්‍යසනය හේතුවෙන් දුෂණයට ලක්වූ වෙරළ තීරයන් කඩිනමින් පිරිසිදු කෙරේ
ව්යසනය හේතුවෙන් දුෂණයට ලක්වූ වෙරළ තීරයන් කඩිනමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. ඒ් අනුව මෙම විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන දෙසැම්බර් 19 වනදා දක්වා ක්රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි දිස්ත්රික් කාර්යාල 13ක් හරහා දූෂණයට ලක් වු වෙරළ කලාපය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු සිදු කෙරේ.

 

පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම මේ වන විටත් සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතින බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
තවද, මෙම ව්යසනයෙන් පසු එකතු වන ප්ලාස්ටික් ඇතුළු අපද්රව්ය අවිධිමත්ව ගංඟා, ඇළදොළ ආශ්රිත ප්රදේශවලට මෙන්ම ජල මූලාශ්රවලට බැහැර නොකරන ලෙසත්, ජල ප්රවාහවලට සහ තෙත් බිම්වලට බැහැර නොකරන ලෙසටත් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සියලු ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. අපද්රව්ය නිසි පරිදි කළමනාකරණය කිරීමේ වගකීම අදාළ ආයතනයන් හා පුරවැසියන් සතු බව ද එම අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ.