Saturday, January 24, 2026
Follow Us
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවේ 2086 දෙනෙකුට උසස්වීම්
ප්රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි අද(09) අභිමානවත්ව සැමරීම සිදු විය.

 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට මෙහි දී නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී