Friday, December 05, 2025
Follow Us
පේරාදේණිය උද්‍යානය යළි හැඩකරන “ශ්‍රම මෙහෙයුම” ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මහවැලි ගංඟාව පිටාර ගැලිම නිසා හානියට පත් වු පේරාදේණිය උද්භිද උද්යාන පරිශ්රය පිරිසිදු කිරිමේ “ශ්රම මෙහෙයුම” වැඩසටහන අද( 05) උදෑසන සිට ආරම්භ විය.
පරිසර අමාත්යංශයේ මැදිහත්වීමෙන් සහ “ජාතික උද්භිද උද්යාන දෙපාර්තමේන්තුවේ මුලික සම්බන්ධිකරණයෙන්” ශ්රම මෙහෙයුම් වැඩසටහන ක්රියාත්මකයි.
ඒ අනුව අපිරිසිදු වු පරිශ්ර පිරිසිදු කිරීම, හානි වු මාර්ග යථා තත්වයට පත් කිරීම ඇතුලු ක්රියාකාරකම් රැසක් අද දිනයේ සිදු කෙරේ .
 
පැළ තවාන් සහ හරිතාගාර ආවරණවලට ජල ගැල්මෙන් දැඩි හානි සිදුව ඇති අතර කුඩා පැළ තවාන් රැසක් ද විනාශ වී තිබේ.
 
අයහපත් කාලගුණයෙන් සහ ජල ගැල්මෙන් සිදුවූ හානි යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනේදී පරිසර අමාත්යංශයට අයත් සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කරන අතර මේ වන විටත් එම ආයතන මගින් සැලසුම් කළ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්රියාත්මකයි.
 
මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ දායකත්වයක් ලබා දෙන පේරාදේණිය උද්භිද උද්යාන පරිශ්රය නැවතත් පිරිසිදුව සහ අලංකාරව පවත්වා ගැනීමට ඔබගෙත් දායකත්වයද ලබා දිය හැකියි.
පින්නවල සත්වඋද්යානය, පල්ලේකැලේ රාජ්ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහ සේවක මණ්ඩලයේ විශාල පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගිවී සිටියි.