ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ අපදාවට පත් ජනතාවට සහන ලබා දීම වගේම අපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, හදිසි ආපදාතත්වය හමුවේ ත්රිවිධ හමුදාව, පොලීසිය, රජ්ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (දෙසැම්බර් 02) පැවති කොළඹ දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම අමතමින් අග්රාමාත්යතුමිය මේ බව පැවසුවාය.
කොළඹ දිස්ත්රික්කයේ ආපදාවට පත් ජනතාව ගංවතුර තත්වය පහව යන ප්රමාණය අනුව ක්රමයෙන් නැවත ස්ථිර වාසස්ථාන වෙත යොමු කරමින් තිබෙන බවත්, අවතැන් කඳවුරු 110ක පමණ මේ වන විට ජනතාව තාවකාලික නවාතැන් ගෙන ඇති බවත් නිලධාරීන් මෙහිදී පැවසීය. කොළඹ දිස්ත්රික්කයේ අවතැන් ජනතාව සඳහාදිනකට පිසූ ආහාර පැකට් එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබා දිය යුතුව ඇති බවත් රාජ්ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන විසින් අදාල ආහාර ලබා දිම සිදු කරගෙන යන බවත් නිලධාරීන් පැවසීය.
අඹතලේ ජල පවිත්රාගාරවල කිසිදු ගැටළුවක් නැති බවත් කොළඹ දිස්ත්රික්කයට අවශ්ය පානීය ජල සැපයුම අඛණ්ඩව ලබා දිය හැකි බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.
ගංවතුර බැසගිය ප්රදේශවල නිවාස පිරිසිදු කිරීම් සිදු කරමින් යළි පදිංචි කිරීම් සිදුකරගෙන යන බවද නිලධාරීන් පැවසීය.
නියෝජ්ය කතානායක මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්ය අමාත්යවරුන් වන හර්ෂන නානායක්කාර එරංග ගුණසේකර , කෞෂල්යයා ආරියරත්න , සුනිල් වටගල, චතුරංග අබේසිංහ, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රිවරුන්, විපක්ෂ මන්ත්රිවරුන් වන රවි කරුණානායක, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර, යන මහත්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්යස්ථානය, විදුලි බල මණ්ඩලය, පොලිසිය, ත්රිවිධ හමුදාව ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ Zoom තාක්ෂණය ඔස්සේ කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම්වරුද සහභාගී වූහ.