Monday, December 01, 2025
Follow Us
මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය මහජනතාව සඳහා අද සිට යළිත් විවෘතයි

මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) මහජනතාව සඳහා අද (දෙසැ.01) යළිත් විවෘත වූ බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

විශේෂඥ සේවා අවශ්‍ය අය අදාල අනෙක් රෝහල් වෙත යොමු කෙරේ. වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මේ වන විට මහියංගනය රෝහලේ රැදී සිටී. රෝහල වෙත විදුලිබලය දැන් ලබා දී තිබේ. ජල සැපයුම ලබා දීමට කටයුතු කරමින් ඇත. රෝහල පිරිසිදුකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතී. එක් ප්‍රදේශයකින් රෝහල වෙත සැපයුම් ලබාදීමට දැන් හැකිය. රුධිර කාන්දුකරන සේවාද (Dialysis) අද ඇරඹී ඇත.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කය පුරා නිවෙස් හා ආයතන පිරිසිදු කිරීමේ විශේෂ කණ්ඩායමක් දකුණු පලාතෙන් පැමිණ අද සවස 2.00 සිට කාර්ය නිමවන තුරු බදුල්ලේ රැදී සිටින බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ රාත්‍රි රුස්වීමකදී සඳහන් කළ බවද වෛද්‍ය අතපත්තු මහතා පවසයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලද සිය කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කරයි.