Monday, January 19, 2026
Follow Us
මේ රියදුරන්ට නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක්

දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන්ට තම රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට 2025.11.25 දින සිට 2025.12.25 දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බොහෝ දෙනෙකුට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවින් මෙම විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මෙම කාලවකවානුව තුල කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ලඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන  බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දැනුම් දී ඇතැයි ද  එම නිවේදනයේ සඳහන් වේ.