ඇති වූ ආපදා තත්වය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිර වී සටි විදේශ සංචාරකයන් පිරිසක් මුදවාගෙන විශේෂ ගුවන් යානයකින් කොළඹට ගෙනඑන ලදී.
එලෙස මුදවාගත් සංචාරකයන් අතර ඉන්දීයාව, දකුණු අප්‍රිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ස්ලෝවැකියාව යන රටවල්වලින් පැමිණි සංචාරකයන් සිටියහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම සංචාරකයන්ගේ සුවදුක් විමසා බැලූ අතර එම සංචාරකයන්ගේ නවාතැන්, ප්‍රවාහන පහසුකම් ඇතුළු ඉදිරි කටයුතු අමාත්‍යංශය මැදිහත් වී සිදු කරනු ලබයි.