Monday, November 17, 2025
Follow Us
2030 දී සියලු ගම්මාන ඵලදායිතා ගම්මාන බවට පත් කිරීම අරමුණයි -- කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්
2030 වසර වන විට ශ්රී ලංකාවේ සියලුම ගම්මාන ඵලදායීතා ගම්මාන බවට පත්කිරීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අරමුණ බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ පසුගියදා (14 දා ) කොළඹදී පැවති ජාතික ඵලදායිතා සමුළුවේ විශේෂ දේශනය පවත්වමිනි.

 

ආසියානු ඵලදායිතා සංවිධානයේ Vision 2025 වැඩසටහනේ අනුග්රහය ඇතිව රටේ සැමට නව්යකරණය මත පදනම් වූ ඵලදායිතා වර්ධනයක් සඳහා රට පුරා ඵලදායිතාවය ප්රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙම ජාතික ඵලදායිතා සමුළුව සංවිධානය කර තිබුණි. මෙම සමුළුව හරහා 2022 ඔක්තෝබර් සිට 2025 නොවැම්බර් දක්වා වූ වසර තුනක කාලයක් පුරා ක්රියාත්මක කළ බහුවිධ ඵලදායිතා ප්රවර්ධන වැඩසටහන්වල නිමැවුම් එළිදැක්වීම, එම වැඩසටහන් නිමැවුම් පිලිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සහ ඒ සඳහා දායකත්වය ලබාදුන් පාර්ශ්වයන් ඇගයීම මෙහිදී සිදුකරන ලදී.
 
නවෝත්පාදන, ඵලදායිතාව ඔස්සේ පාරිසරික සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම, රාජ්ය අංශයේ ක්රියාවලිය වැඩි දියුණු කිරීම, ඵලදායිතාව තරුණ ප්රජාව අතර ප්රචලිත කිරීම හා ඵලදායිතා විෂය තවදුරටත් ජනගත කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන් ක්රියාත්මක කරන ලදී.
 
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය,
 
2030 වසර වන විට ලංකාවේ සෑම ප්රාදේශීය කොට්ඨාසයකටම අයත් සියලුම ගම්මාන ඵලදායිතා ගම්මාන බවට පත්කිරීම රජයේ අරමුණ බවත් මේ සඳහා රාජ්ය අංශයට ඉහළ කාර්ය භාරයක් පැවරී ඇති බවත් පැවසුවාය. එසේම රටක ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය මැනීමේදී ඵලදායිතාවය ඉතා වැදගත් සාධකයක් වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.