අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙන අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කර තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
මෙම පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.