ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ පදනම් ආයතනයේ අද (12) දින පැවති ස්වාධින රුපවාහිනී සේවයේ MMC ITN Campus හි පළමු සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.
පාඨමාලාව සාර්ථකව අවසන් කර රන් සම්මාන දිනාගත් අභිෂේක දුනේකේවෙල, දිමුතු නිර්මාන් සහ කාවින්ද්‍යා ගිම්හානි යන සිසුසිසුවියන් වෙනුවෙන් රන්සම්මාන ප්‍රදානය කිරීම අගමැතිනිය අතින් සිදු කෙරිණ.